යුක්රේන යුද්ධයට සහය දක්වන බවට G7 නායකයන් චීනයට චෝදනා කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 16,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : 2014 වසරේ ජූනි 13-15 දක්වා මෙවර ඉතාලියේ Apulia හි Fasano නගරයේ Borgo Egnazia හිදී රැස් වූ G7 නායකයන්ගේ සමුළුව නිමා කරමින් සාමාජික රටවල් හතේ නායකයින් විසින් මොස්කව්හි යුද යන්ත්‍රයට ද්‍රව්‍යමය වශයෙන් සහාය ලබා දෙන චීනයට එරෙහිව සම්බාධක පනවන බවට අනතුරු අඟවා තිබේ.

බීජිනය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර චීනය මෙහිදී ප්‍රකාශ කර තිබුණේ, සිය රට යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මධ්‍යස්ථ පිළිවෙතක් ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විට යුරෝපා සංගමය චීනයෙන් ආනයනය කරන ලද විදුලි වාහන (EV) සඳහා අමතර තීරුබදු නිවේදනය කර ඇති අතර නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ බලහත්කාරයෙන් චීනය පවත්වාගෙන යන අධිකාරයට විරෝධය පාමින් G7 නායකයන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් තවදුරටත් සඳහන් කර තිබුණේ, පිලිපීනය ඇතුළු මුහුදේ නාවික නිදහසට නැවත නැවතත් බාධා කිරීම සම්බන්ධයෙන් අප දිගටම විරුද්ධ වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...