(VIDEO):අප පැමිණ සිටින්නේ නිර්මල වමත් දේශප්‍රේමයත් කැටිකරගෙන – දිලිත්

Date:

කොළඹ LNW: සර්ව ජන බලය පැමිණ සිටින්නේ නිර්මල වමත් ජාතිකත්වය නියෝජනය කරන දේශප්‍රේමයත් කැටිකරගෙන බව සර්ව ජන බලය වෙනුවෙන් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසුවේය.

ඒ, අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව යළි 69 ලක්ෂයට බලාපොරොත්තු ඇතිකරගත හැකි බවත් 69 ලක්ෂයේ බලාපොරොත්තු සුන් වූයේ රාජපක්ෂලා නිසා බවත් ජයවීර මහතා සඳහන් කළේය.

විශේෂයෙන් ඇමරිකානු පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ විසින් 69 ලක්ෂයක ජාතිකත්ව අපේක්ෂාව පාවාදීමට උත්සහ කරමින් සිටින බවයි ඔහු අවධාරණය කළේ.

ඒ අනුව රටට වින කිරීමට විවිධ නම් වලින් එන දක්ෂිණාංශික ලිබරල් බලවේග පරාජය කිරීමට සිදුවන බව ජයවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

සර්ව ජන බලය විසින් සංවිධානය කරන ප්‍රථම මහ රැළිය හෙට (18) පස්වරු 02.00ට නුගේගොඩදී පැවැත්වීමට ද නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...