(VIDEO):’අපි නැවත නැගිටිනවා’ – මහින්ද සුළඟ වෙනුවට මේ පාර සර්ව ජන සුළං!

Date:

කොළඹ LNW: 69 ලක්ෂයේ බලාපොරොත්තු සඵල කිරීමට වගකීමක් ඇති බවත් එය ඉටුකළ හැක්කේද මේ වන විට සර්ව ජන බලය කණ්ඩායමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

ඒ, අද (17) සර්ව ජන බලය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

තාප්පවල චිත්‍ර ඇදපු අයගේ මෙන්ම 69 ලක්ෂයක මහා ජනවරමක් ගොඩනගන්න විවිධ අයුරින් දායක වූ ජනතාවගේ බලාපොරොත්තු ක්‍රමයෙන් බිඳවැටෙන විට ඔවුන් අපේක්ෂාභංගත්වයට පත් වූ බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට කඩේ යන පොහොට්ටුවේ කල්ලියට හෝ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල නියමයෙන් මෙන්ම අනියමෙන් අනුමත කරමින් සහ නොකරමින් සද්ද නොකර ඉන්න සෙසු විපක්ෂ කණ්ඩායම්වලටද 69 ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු සඵල කිරීමට හැකියවක් නොමැති බව හෙතෙම අවධාරණය කළේය.

එම නිසා එකී රික්තකය පිරවීම සඳහා සර්ව ජන බලය ගොඩනගා තිබෙන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ලංකාව අහක බලාගෙන ඉන්න පයේ හැපෙන ඉල්ලම් ගොඩ

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: ශ්‍රී ලංකාව කාටවත් දෙවැනි...

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...