අද හොඳ දවසක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 18, කොළඹ (LNW): ස්පාඤ්ඤයේ පැවත්වෙන bilbaoatletis මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් අද ශ්‍රී ලංකාවේ තරුශි කරුණාරත්න සහ කාලිංග කුමාර තරග වඳිනවා.මේ තරගාවලිය වැදගත් වන්නේ ඔවුන් දෙදෙනාට පහසුවෙන් ජය ගැනීම පසෙකලා සිය ඉසව්වල හොඳම කාලය වාර්තා කරන්නට සහය වන මට්ටමේ දක්ෂයන් හමුවන නිසයි.ඒ නිසා දෙදෙනාටම ඔලිම්පික් පරිසාධන මට්ටමට ළඟා වීම සඳහා සාර්ථක උත්සාහයක් ගත හැකි ක්‍රීඩා උළෙලක් ලෙස bilbaoatletis ක්‍රීඩා උළෙල හැඳින්විය හැකිය.


මීටර් 800 ඉසව්ව සඳහා සහභාගි වන ක්‍රීඩිකාවන් මේ ක්‍රීඩා උළෙලේ දී සහභාගි වන්නේ මීටර් 600 ඉසව්වටයි.එහිදී මීටර් 800 නිමා කිරීමේ හොඳම කාලය ලෙස ඔවුන් දක්වා ඇති හොඳම දක්ෂතා සළකා බලද්දී තරුශි කරුණාරත්නගේ හොඳම දක්ෂතාවය වන විනාඩි 02:00.66 ට වඩා ඉදිරියෙන් හොඳම දක්ෂතාවය දැක් වූ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු දකින්නට ලැබෙනවා.ඒ අතර කියුබානු ක්‍රීඩිකා සැලී ඩියාගෝ මෙසා විනාඩි 01:57.74 ක දක්ෂතාවයක් දක්වා තිබෙනවා.ඒත් 29 හැවිරිදි ඇය මේ දස්කම දක්වා ඇත්තේ 2014 දී යි.


මේ වසරේ දක්වා ඇති දස්කම් සළකද්දී තරුශිට වඩා සියලු දෙනාම ඉදරියෙන් සිටින අතර තරුශිට මේ වසරේ තරග අවස්ථා අඩුවෙන් ලැබීම,වර්ෂාව වැනි බාධාවන්වලට තරග අවස්ථා දියාරු වී යාම නිසා ඉතා හොඳ ධාවනයක යෙදෙන්නට නොහැකි වුණා.ඒ ආකාරයෙන් හොඳම කාලීන දක්ෂතා සළකා බලද්දී මේ තරගයේ සිටින හොඳම ක්‍රීඩිකාව හැටියට ඕසට්‍රේලියාව නියෝජනය කරන බෙන්ඩ්රේ ඔබෝයා හැඳින්විය හැකියි.ඇය වාර්තා කර තිබෙන කාලය විනාඩි 01:59.01 ක් ලෙස සටහන් වෙනවා.මේ තරග වඳින ක්‍රීඩිකාවන් අතර සිටින ලාබාලතම ක්‍රීඩිකාව වන්නේ තරුශි කරුණාරත්න වීමත් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තු ඇති කරවන්නක්.


කාලිංග කුමාර සහභාගි වන මීටර් 400 ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩකයින් දෙස බැලීමේදී තත්පර 43 සීමාවේ මීටර් 400 ඉසව්ව දුවා ඇති ඇන්තනී ජෙසේ සම්බ්‍රෑන්ඩ් සතු තත්පර 43.93 හොඳම කාලය ලෙස ගැනෙනවා.එසේම හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයින් සළකද්දී කාලිංගට වඩා හොඳ කාලයන් වාර්තා කළ ක්‍රීඩකයින් පස් දෙනෙකු මේ තරගයට ඉදිරිපත් වෙනවා.එහෙත් මේ තරගකරුවන් අතර වයසින් වැඩිම තරගකරු වන කාලිංග කාලීන දක්ෂතා අතින් තරගයට සහභාගිවන පිරිස අතර දෙවැනි තැන පසුවෙනවා.කාලිංගගේ හොඳම දක්ෂතාවය තත්පර 45.07 ක් වන අතර කාලීන හොඳම දක්ෂතාවය තත්පර 45.35 ක් ලෙස සටහන් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...