අනිද්දා (20) දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දිවයිනට!

0
325

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

අනිද්දා (20) දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයා බැලීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට තොරතුරු සඳහන් වේ.