රිය අනතුරක්,එකම පවුලේ පිරිසක් අනතුරට!

0
297

සටහන – රෂිකා හෙන්නායක ජුනි 19 , කොළඹ (LNW):

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ අද (19) අලුයම 5.15ට පමණ, හොරණ සිට නුවරඑළිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලීසිය පවසයි. මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තේ වත්ත දෙසට පෙරළී මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් මොටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව හැටන් පොලීසිය පවසයි.