මේ අයගේ ගෙවල්වල එඩ්‍රස් මතක තියාගන්න. රට කඩා වැටුණොත් ඒ ගෙවල්වලට යන්න – වජිර කරන්නේ වක්‍ර තර්ජනයක්ද ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිහිටා ඇත්තේ ද මහජන පරමාධිපත්‍යය තුළ බවත් මහජනතාව කැමති නම් රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර 12ක් රට පාලනය කිරීමට හැකි අතර එහි කිසිදු වරදක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“මේ අවස්ථාවේදී යම්කිසි දේශපාලන කණ්ඩායමක් බොරු මතවාද දාලා මහජනයා මුලා කළොත් අන්න ඒ අයගේ ගෙවල්වල එඩ්‍රස් හොඳින් මතක තබා ගත යුතුයි, රට නැවත කඩාගෙන වැටුණොත් ඒ අයගේ නිවෙස්වලට ගිහිල්ලා ඒ අයව මුණගැසිය යුතුව තිබෙනවා. අපිව මුණගැසිලා වැඩක් නෑ. අපේ යුතුකම අපි ජාතිය වෙනුවෙන් ඉටු කරලා තිබෙනවා. මහජන පරමාධිපත්‍යය තුළයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිහිටලා තිබෙන්නේ. ඕනෙ නම් පුළුවන් වැදගත් ප්‍රශ්නයක් මහජනයාගෙන් අහන්න – රනිල් වික්‍රමසිංහ මහතා වසර 12ක් මේ රට පාලනය කරන්නද ? – මහජනයා කිව්වොත් හා කියලා, රට පාලනය කරන්න පුළුවන්. ඒකෙ වරදක් නෑ”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...