නිල සංචාරය නිම කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනෙන් පිටව යයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට එක්දින නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඊයේ (20) සවස යළි ඉන්දියාව බලා පිටව ගොස් තිබේ.

ඒ මහතා විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියේ ඊයේ පෙරවරුවේ ය.

මෙම නිල සංචාරය අතරතුර ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඇතුළු රජයේ බලධාරීන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන සන්ධානයේ නියෝජිතයින් ද උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන්, වතුරකයේ මන්ත්‍රීවරුන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා ද හමුවී සාකච්ඡා කර තිබිණි.

පසුගිය දිනවල පැවති ඉන්දීය මහමැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදි මහතාගේ රජය නැවතත් බලයට පත්වීමෙන් අනතුරුව නැවතත් විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත්වූ එස්. ජයිශංකර් මහතා සිය නව ධුර කාලය ඇරඹීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

සාර්ථක එක්දින නිල සංචාරය සම්බන්ධයෙන් එස්. ජයිශංකර් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් ද තබා ඇත්තේ මෙසේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිවානය ආරක්ෂක වියදම් සඳහා ඩො. බිලියන 40ක් වෙන් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයට මුහුණ දීම...

අපොස උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් කිරීමට නව වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : මෙවර, අපොස උසස්...

ගල්ඔය සුළු ගංවතුර තත්ත්වයක් – මඩකලපුවට ගංවතුර අවදානමක්!

කොළඹ LNW:ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු...

Sri Lanka Economic Summit 2025 දෙසැම්බර් 2 සහ 3 යන දිනවලදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : දෙසැම්බර් 2 සහ...