ජනපති අතින් විවෘත වූ තන්තිරිමලය පොසොන් ආලෝක පූජාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 21 , කොළඹ (LNW):

අද (21) පස්වරුවේ, පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් සීමාසහිත විජය පුවත්පත් සමාගම 21 වැනි වරටත් සංවිධානය කළ ඓතිහාසික තන්තිරිමලය රජමහා විහාරයේ විදුලි ආලෝක පූජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.


අද පස්වරුවේ තන්තිරිමලය රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලය රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නා හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ අතර, අනතුරුව විහාර මන්දිරය වෙත පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව විදුලි පහන් ආලෝකය දල්වා තන්තිරිමලය ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

තවද, පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඓතිහාසික තන්තිරිමලය පුද බිම වෙත පැමිණ සිටි ජනතාව අතරට ද ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත වූ අතර, පළාතේ මහා සංඝරත්නය ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, හිටපු අමාත්‍ය පී. හැරිසන් යන මහත්වරු සහ පළාතේ දේශපාලන නියෝජිතයන් ද විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා ඇතුළු සාමාජිකයන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...

කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  ඉකුත් දින කීපය පුරා...

මහවැලි ගගට නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කරයි!

කොළඹ LNW:මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් රතු...