තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ! – අද (22) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (22) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි සම්බන්ධයෙන් අද රාත්‍රී 10.30 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...