ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් – රොයිටර් වාර්තා කරයි

Date:

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ. ජාත්‍යන්තර රොයිටර් පුවත් සේවය මේ පිළිබඳව වාර්තා කරයි.

රොයිටර් වාර්තාවට අනුව මෙම මුදල ඉල්ලා තිබෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහායි.

මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය පාර්ශ්ව දෙකක් හරහා කරුණු තහවුරු කරගෙන තිබෙනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව සතු විදෙස් සංචිත ප්‍රමාණය 70% කින් පහත වැටී ඇති අතර මේ නිසා එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහාද විදෙස් රටවලින් ණය ලබා ගැනීමට සිදුව තිබෙනවා. ඒ, මීට පෙර ලබාගෙන ඇති ණය සඳහා වාරික ගෙවීමට අමතරවයි.

මීට පෙර ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගත් අතර අලුත් අවුරුදු උත්සවය සමය දක්වා ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නේ එම ණය මුදල් භාවිතා කරමිනි.

ඊට පෙරද ඉන්දියාවෙන් ණය මුදලක් ලබාගත් අතර බංග්ලාදේශයෙන් හුවමාරු ණයක්ද ලබාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාවෙන්ද ණය මුදලක් ඉල්ලා ඇති අතර ඒ, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහායි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...