බටහිර වෙරළ සාක්ෂිය

ඔව් මං දැක්කා
ඉර ගිලුණු හැටි..

අහස ගිනි ගත්ත මොහොතක,
එක පාරටම
ඉර ගිලුණා..

දෙපාරක් උඩ ඇවිත්
ගැස්සිලා යට ගියා..

හුස්ම හිර වෙන්න ඇති
සීතලට ගල් වෙලා
ටයිටැනික් පෙම්වතා වගේ
මූදු පතුළට යන්න ඇති..

මට දැන් මේක ඇති වෙලා,
අවුරුදු මිලියන කීයක්ද..
හැමදාම හවසට
ඉරක් ගිලෙනවා මූදේ..

මට පෙනි පෙනීම..

ඇත්තමයි,
මරණයට වඩා අසීරුයි
මේ සාක්ෂිකාරීත්වය..!

~ විමල් කැටිපෙආරච්චි

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...