බටහිර වෙරළ සාක්ෂිය

ඔව් මං දැක්කා
ඉර ගිලුණු හැටි..

අහස ගිනි ගත්ත මොහොතක,
එක පාරටම
ඉර ගිලුණා..

දෙපාරක් උඩ ඇවිත්
ගැස්සිලා යට ගියා..

හුස්ම හිර වෙන්න ඇති
සීතලට ගල් වෙලා
ටයිටැනික් පෙම්වතා වගේ
මූදු පතුළට යන්න ඇති..

මට දැන් මේක ඇති වෙලා,
අවුරුදු මිලියන කීයක්ද..
හැමදාම හවසට
ඉරක් ගිලෙනවා මූදේ..

මට පෙනි පෙනීම..

ඇත්තමයි,
මරණයට වඩා අසීරුයි
මේ සාක්ෂිකාරීත්වය..!

~ විමල් කැටිපෙආරච්චි

RN