ශ්‍රී ලංකාවේ අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම ගැන චීනයෙන් ප්‍රශංසා!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 , කොළඹ (LNW):

මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින චීනයේ සිචුආන් පළාතේ උප ආණ්ඩුකාර සහ මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් YE Hanbing මහතා ඇතුළු නියෝජිත පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවූ බව වාර්තා වේ.

ශ්‍රීලංකාවේ අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම නියෝජිත පිරිස ප්‍රශංසාව පළකරන ලද අතර, ඉදිරියේදී පරිගණක අපරාධ ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ යා හැකි බැවින් කලාපීය රටවල් රැසක මේ වනවිට අවධානය යොමුවී ඇති බවත් ඊට දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයද චීන නියෝජිත පිරිස පෙන්වා දුන් බව පැවසේ.

තාක්ෂණය,දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ඒ සඳහා වැඩසටහන් සිදුකීරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා එම නියෝජිත පිරිසගෙන් ඉල්ලීමක් කළ අතර, ඉදිරියේදී චීනයේ සිචුආන් පළාතේ පැවැත්වීමට නියමිත පොලිස් සමුළුව සඳහා අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසකට ඊට සහභාගී වන ලෙස ආරාධනයක්ද කරනු ලැබූ බව වාර්තා වේ.

මෙම අවස්ථාවට සිචුආන් පළාතේ ලෙෂාන් නගරයේ උප නගරාධිපති සහ මහජන ආරක්ෂක කාර්යාංශයේ අධ්‍යක්ෂක DENG Hua මහතා සහ සියෑං නගරයේ උප නගරාධිපති සහ මහජන ආරක්ෂක කාර්යාංශයේ අධ්‍යක්ෂක ZHENG Xiaoqing මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක,ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය යන මහත්වරුන්ද එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...