සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 255 වැනි ස්මාර්ට් පන්ති කාමරය පොකුණුවිට සිරිමෙවන් මහා විද්‍යාලයට (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දැයේ දූදරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීම සහ අධ්‍යාපනය නවීකරණය කිරීම යන අරමුණු වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “සක්වල” සුහුරු පන්ති කාමර වැඩසටහනේ 255 වැනි අදියර ඊයේ (23) ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, පොකුණුවිට සිරිමෙවන් මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් ඊයේ පරිත්‍යාග කෙරිණි. පරිගණක 05ක්, ස්මාර්ට් බෝඩ් එකක් සහ ප්‍රින්ටර් යන්ත්‍රයක් ඊට ඇතුළත් විය.

එසේම එම පාසලේ දූදරුවන්ගේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැඩි දියුණු කිරීම උදෙසා එහි පුස්තකාලයට සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂ 05ක් ද පරිත්‍යාග කෙරුණු අතර ඊට අමතරව එම පුස්තකාලයට ඉංග්‍රීසි භාෂා පොත්පත් මිලදී ගැනීම සඳහා පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා අතින් පරිත්‍යාග කරන ලදී.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 255ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2769ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...