ලොරෙන්සෝ පුතා නැවත නිරුපද්‍රිතව දිවයිනට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW):

ලොරෙන්සෝ පුතා හතර බහුධින යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගත් එහි ධීවරයින් 6 දෙනා ද සමඟ මාස පහකට පසු දික්ඕවිට වරායට පැමිණි බව වාර්තා වේ.

මෙම වසරේ ජනවාරි 17 වනදා ලොරෙන්සෝ  පුතා හතර ධීවර යාත්‍රාව ධීවර කටයුතු සදහා තම මංගල ගමන ආරම්භ කළේ දික්ඕවිට වරායෙන් වන අතර, ඊට ධීවර සාමාජිකයින් 6 දෙනෙකු එක්ව සිටියා. එම යාත්‍රාව ජනවාරි 27 වනදා ආරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්විය.

කෙසේ වුව ද සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය මගින් යාත්‍රාව හා ධීවරයින් බේරා ගැනුණු අතර ඊට නාවික හමුදාව,  ධීවර අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධීකරණයෙන් දායකත්වය ලබාදී තිබුණි.

මාස 5කට පසු මෙම ධීවර යාත්‍රාව ධීවරයින් 6 දෙනා ද සමග ඊයේ රාත්‍රීයේ දික්ඕවිට වරායට පැමිණි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...