*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

හමුදා සේවයට කෙසේවෙතත් මහේෂ් සේනානායක දේශපාලනයට නම් තොත්ත බබෙක්?

කොළඹ LNW:පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට එරෙහිව අදහස් දැක්වීමක් සිදුකර තිබුණි.

විශේෂයෙන් ඔවුන් ජාතික ජන බලවේගය සමඟ එක්වීම ගැන සමාජ ප්‍රතිරෝධයක් එන ආකාරයට මහේෂ් සේනානායක මහතා අදහස් දැක්වීමට උත්සහ කර තිබෙන අයුරු දැක ගැනීමට හැකි වූ අතර පසුගිය ජුනි 09 වැනි දින ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ජාතික සමුළුවේදී මතු කළ කාරණා අභියෝගයට ලක්කිරීමට ද හිටපු යුද හමුදාපතිවරයා උත්සාහ කර තිබුණි.

සිය අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාස ගත දේශපාලනයෙන් ආරම්භ කර වර්තමාන දේශපාලන ප්‍රවාහය දෙසට එන විට ඉතිහාසයේ ඉරණම් සහගත දේශපාලන සංධිස්ථානය අභිමුඛව සමාජය යළි සසල කරන්නට සේනානායක මහතා යම් වෙහෙසක් ගන්නා ආකාරයද දක්නට ලැබුණි.

කෙසේවෙතත් සමාජය දේශපාලනිකව වඩා ඉදිරිගාමී ගමනක යමින් තිබෙන මොහොතක එම උත්සාහයන් දේශපාලනිකව කෙතරම් දුරට වලංගු වනු ඇතිද යන්න දැන් සමාජය දෙස පිරික්සීමේදී වුවද දැක ගත හැකිය.

කෙසේවෙතත් විවිධ හැරවුම්,සංධිස්ථානය, ඝට්ටනයන් මැද දේශපාලනය ඉදිරයට යන අතර ඒ තුළ පවතින න්‍යාය පත්‍රද වෙන්කර හඳුනාගැනීම වටී. මෙම කාරණයට එක අතකින් මහේෂ් සේනානායක මහතා යම් සහයක් දුන්නේදැයි යන්නද වරෙක සිතේ.

මේ වන විට ඔහු සිටින්නේ සමඟි ජන බලවේගයේ වේදිකාවේය. ඔහු දරන දේශපාලන මතයන්,විශ්වාසයන් අනුව ඔහුට එම තෝරා ගැනීම සිදුකර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අවකාශය තිබේ. ඊට අභියෝග කිරීමක් අවශ්‍ය ද නැත.

ඒ අනුව මහේෂ් සේනානායක දැන් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය තුළ අතර ඔහු කටයුතු කරන බව පෙනෙන්නේ ද එම දේශපාලන ආස්ථානයන් ට අනුව බව ද හැඟේ.

කෙසේවෙතත් ඔහු හදිසියේම මෙන් රවී සෙනෙවිරත්න,ශානි අබේසේකර යන පොලීසියේ සිටි ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන ලද අභියෝගාත්මක ප්‍රකාශයට ඊයේ (23) ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ප්‍රතිචාර දක්වා සිටියේ පෙරළා මහේෂ් සේනානායක හිටපු යුද හමුදාපතිවරයාට ප්‍රශ්න වැලක්ද යොමුකරමිනි.

මේ වන විටත් අළුයට ගිනි මෙන් වරින් වර මතුවෙන පාස්කු ප්‍රහාරය සමාජය තවදුරටත් සසල කරමින් පවතියි. ප්‍රහාරයට වසර පහක් ඉක්ම ගියද වින්දිතයින් මෙන්ම පොදු මහත් සමාජය බලාපොරොත්තුවන යුක්තිය තවමත් ඉටු නොවුණු පසුබිමක එම විමර්ශනවලට සම්බන්ධව සිටි මෙන්ම රටේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට සිටි නිලධාරීන් විසින් එහෙට මෙහෙට නිදහස් කරන ප්‍රකාශයන් තුළ එම සිදුවීම්වල ගැඹුර ප්‍රකාශයට පත්වෙමින් තිබේ.

පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර සිදු වුණු වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය,මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය,වනාතවිල්ලුව අවි ගබඩාව සොයා ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ලේකම්වරයාට වෙඩි තැබීම ආදී සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි ලෙස පරීක්ෂණ පවත්වා වරදකරුවන් අත්අඩංගුවට ගැනීමට, ඊට අදාළ නීති කෘතයන් සිදුකිරීමට විශේෂයෙන් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර අසමත වී තිබෙන බව හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබුණ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනවල ප්‍රගතිය සහසුද්දෙන්ම ඊයේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පාස්කු ප්‍රහාරය තුළ කුමන්ත්‍රණයක් පවතින බවට හැඟී යන බව එම විමර්ශන වල ආරම්භයේ සිට සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා පවසන විට ඒ ගැන ඇතැම් පාර්ශව කලබල වී ඇත්ද යන පිළිබඳවද තවත් අතකට ප්‍රශ්නයක් මතුවෙයි. ඒ අනුව ඔහු අවධාරණය කරන්නේ එහි අවසානයක් තෙක් විමර්ශනය සිදුවිය යුතු බවයි. පොදු සමාජයටද අවශ්‍යව ඇත්තේ එයම වන අතර ඊට පොදු සමාජයෙන් විරෝධයක් නොවේ.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ රවී සෙනෙවිරත්නලා, ශානි අබේසේකරලා පොලීසියට අවමානයක් කළ තැනක් ගැන සඳහන් නොවුණද හිටපු හමුදාපතිවරයා පවසන පරිදි ඔවුන් දැන් ජාතික ජන බලවේගය සමඟ එක්ව සිටීම ශ්‍රී ලංකා පොලීසියට කර ඇති අවමානයකි. ඊටද පිළිතුරු දෙමින් අවමානයේ දිග පළල පැහැදිලි කිරීමට රවී සෙනෙවිරත්න මහතා කටයුතු කරන ලදී.

ඒ අතර හමුදා බුද්ධි අංශ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නොමඟ යැවීමට කර තිබුණු උත්සාහයන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම් වැලැක්වීමට ගත් උත්සාහයන් ගැනද ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේ විශේෂයෙන් එවකට යුද හමුදාපතිව සිටි සේනානායක මහතාගේ වෘත්තිමය ධාරිතාව ගැනද ප්‍රශ්න කරමිනි.

ඕනෑම කෙනෙකුට දේශපාලන මතයක් දැරීමට එය නියෝජනය කිරීමට නිදහසක් වෙයි. එපරිද්දෙන්ම අනෙකාගේ මතයක් දැරීමේ නිදහසට ද ගරුත්වයක් ලබා දිය යුතුය. එසේ නොකර වෘත්තීමයභාවයන්ද අමතක කර දේශපාලන න්‍යාය පත්‍රවලට අනුකූල වීමට යාමෙන් සිදුවන්නේ හොඳම එකෙන් ඇනගැනීමටය. මහේෂ් සේනානායක හිටපු යුද හමුදාපතිවරයාට ද දැන් මුහුණ දීමට සිදුව ඇත්තේ එවැනි ඇන ගැනීමකට බව ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ මාධ්‍ය හමුව දෙස බැලුවිට පෙනී යයි.

තැටිය රත් වූ පලියටම රොටි පුච්චා ගැනීමට නොහැකිය. එයටද ක්‍රියාවලියක් වෙයි. රොටිය හරියට සාදා ගත්තේ නැත්නම් රත්වුණු තැටියෙන් පලක් නැත.

මිනිස් ජීවීන්ට විඥානයක් ඇත්තේ සියල්ල හරි හැටි වටහා ගැනීමටය. නිවැරදිව දැකීමටය. එසේ නොකර න්‍යාය පත්‍රවලට අනුව සෙස්සන් නැටවීමට නොවේ. සමාජයක් නොමඟ යැවීමටද නොවේ. ඉතින් හිතන තරම් දේශපාලන කරන එක පහසු දෙයක් ද නොවෙයි. නිර්වස්ත්‍ර වුණොත් නම් රජ සළු පිළි ඇන්දත් අර නිරුවත නම් වසා ගැනීමට නොහැකිය. රිය සක මෙන් එය පසුපසම ලුහු බැඳ එන්නේමය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan