විදෙස් ණය ගෙවන්න 2028 දක්වා සහන කාලයක්!

Date:

කොළඹ LNW:විදේශ ද්වී පාර්ශ්වික ණය හිමියන් සමග අද අත්සන් කිරීමට නියමිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අනුව ණය ආපසු ගෙවීම ආරම්භ කිරීම සදහා 2028 දක්වා සහන කාලයක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.

ඒ අනුව, දැනට ද්වී පාර්ශ්වික ණය හිමියන්ගෙන් ලබාගෙන තිබෙන ණය ආපසු ගෙවීම 2028 වසරේ දී ආරම්භ වන අතර, එම ණය, 2042 වසර අවසන් වීමට පෙර ගෙවා අවසන් කළ යුතු බව සඳහන්.

රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 37 න්, 28.5% ක් ද්වී පාර්ශ්වික ණය දෙන්නන් සතු වන අතර
චීනයයි විශාලතම ද්වී පාර්ශ්වික ණය දෙන්නා ලෙස වාර්තා වී තිබෙන්නේ.

ද්වී පාර්ශ්වික ණය යටතේ චීනය ලබා දී තිබෙන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.66 ක් ලෙස දැක්වෙයි. ජපානය ඩොලර් බිලියන 2.35 ක් ද, ඉන්දියාව ඩොලර් බිලියන 1.36 ක් ද ද්වී පාර්ශ්වික ණය යටතේ ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ වාණිජ ණය සදහා ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හරහා ඩොලර් බිලියන 12.55 ක් ද, චීන සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් බිලියන 2.18 ක් ද ලබාගෙන ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ හින්දු කෝවිලක තෙරපීමක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ්...

විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතිනවා – අතිඋතුම් කාදිනල් හිමිපාණන්

රෂිකා හෙන්නායක ජූලි 27,කොළඹ LNW : බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ...

මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට ඔයිටත් වඩා දැවැන්ත ආරක්ෂාවක් ඕනෑ. හෙලිකොප්ටරෙනුත් යන්න ඕනෑ – ඇමති ලාල්කාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව...

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...