එක්සත් රාජධානියේ මැතිවරණයට පෙර අවසන් රූපවාහිනී විවාදයේදී සුනක් සහ ස්ටාර්ම ගැටේ

Date:

සටහන : සශිකලා මධුෂාණි, ජුනි 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සහ කම්කරු නායක කීර් ස්ටාමර් ලබන සතියේ මැතිවරණයකට පෙර ඔවුන්ගේ අවසන් විවාදයට ඊයේ(26) දිනයේදී මුහුණ දී තිබේ.

මෙහිදී දෙදෙනාම ඔවුන්ගේ සහ ඔවුන්ගේ පක්ෂවල විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් අතිශය පෞද්ගලික ප්‍රහාර දියත් කරගෙන තිබිණි.

මේවන විට කරන ලද සංගනනයන්ට අනුව සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය ලේබර් පක්ෂයට වඩා ලකුණු 20කින් පමණ පසුපසින් සිටින අතර අගමැති සුනක් මෙහිදී ජන්ද දායකයන්ගෙන් ඉල්ලා තිබුණේ, සංක්‍රමණය, බදු සහ කාන්තා අයිතීන් සම්බන්ධයෙන් ස්ටාමර් රට සමඟ කෙළින් නොසිටින හෙයින් කම්කරු පක්ෂයට සිය ජන්දය ලබා නොදෙන ලෙසයි.

වසර 14ක කොන්සර්වේටිව් පාලනය අවසන් කරමින් ලේබර් පක්ෂයේ ස්ටාර්මර් මැතිවරනය විශාල බහුතරයකින් ජයග්‍රහණය කිරීමට නියමිත බව පෙනෙන්ට ඇති බව දේශපාලනික විශ්ලේෂකයන් පෙන්වා දී ඇති අතර වසර 14ක කොන්සර්වේටිව්වරුගේ ව්‍යාකූලත්වයට පසු රට වෙහෙසට පත්ව ඇති බවත්, උද්ධමනය සහ ජීවන වියදම් අර්බුදයක් යටතේ අරගල කරන බොහෝ පවුල්වල අභියෝග තමා හොඳින් වටහා ගනු ඇති බවත් මෙවර ජන්දය තුළ මේ සම්බන්ධයෙන් සිතා බලා කටයුතු කරන ලෙසත් ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...