ව්‍යාජ මුදල් මුද්‍රණය වැඩිවෙලා!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 27, කොළඹ (LNW):

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

තඹුත්තේගම පොලීසිය විසින් රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සන්තකයේ තබාගෙන සිටි 17 හැවිරිදි උඩුනුවර ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුගිය 25 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ ව්‍යාජ නෝට්ටු ළඟ තබා ගෙන සිටි තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු 08ක්, ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 149ක් සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් පොලීසිය භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17,49 හා 54 යන වයස්වල පසුවන හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...