උතුරේ සංවර්ධනයට බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහාය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 28, කොළඹ (LNW):

උතුරේ සංචාරයක නිරත වෙමින් ,බිම්බෝම්බ ඉවත් කිරීම හා අවතැන් වූවන් යලි පදිංචි කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් මහතා පැවසීය.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා මේ බව පවසා කර සිටියේ, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදීය.

මේ වන විට උතුරේ ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීමට සහ යළි පදිංචි කිරීමට රජය කටයුතු කරමින් සිටින අතර, යටිතල පහසුකම් මෙන්ම ආර්ථික සංවර්ධනය උදෙසා ද රජය ගෙන යන වැඩපිලිවෙල පිළිබඳ ආණ්ඩුකාරවරිය මහකොමසාරිස්වරයා දැනුවත් කළ බවද සඳහන් වේ.

මහකොමසාරිස්වරයා මෙහිදී පවසා ඇත්තේ, උතුරේ සංවර්ධනය සඳහා බ්‍රිතාන්‍ය ද අඛණ්ඩව සහාය ලබා දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට බලපෑ රිච්ටර් මාපකයේ 8.8ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ජපානයට හා රුසියාවට සුනාමි තත්වයක්

සටහන: සශිකලා මධුෂාණිජුලි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(30)අලුයම රුසියාවේ කම්චැට්කා...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව...

ශ්‍රී ලංකන් ගුවන් සේවය “දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය” ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි !

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු...