මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදකියි!

Date:

කොළඹ LNW: ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම අද (29)කොළඹදී සිදු කෙරුණි.

සමාජ, ආර්ථික, පාරිසරික ගැටළු විසඳමින් සංවර්ධිත රාජ්‍යයක් කර ශ්‍රී ලංකාව රැගෙන යාම එම ප්‍රතිපත්තියේ අරමුණ වන අතර පර්යේෂණ සහ නවෝත්පාදන වෙත එහිදී විශාල අවධානයක් යොමුකර තිබේ.

ඇමරිකාවේ හියුස්ටන් විශ්ව විද්‍යාලයේ මෙන්ම එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා එහි ප්‍රධානත්වය ගෙන කටයුතු කළ අතර ලොව පුරා විසිරි සිටින ශ්‍රී ලංකාවේ විද්වතුන්ද එම ප්‍රත්පත්තිය සකස් කිරීමට සහය දී තිබේ..

ජාතික ජන බලවේගයේ ආරාධනයක් මත උඩුගමසූරිය මහතා ඇතුළු විද්වත් කණ්ඩායම එම විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය සකස් කර තිබෙන අතර එය දේශපාලන පක්ෂයක් කේන්ද්‍ර කරගනිමින් නොව රටට ගැළපෙන පරිදි ගොඩනගා තිබීම එහි ඇති සුවිශේෂී තත්ත්වයක්.

නිර්මාණශීලිත්වය සහ විද්‍යාත්මක නවෝත්පාදනයන් තුළින් ශ්‍රී ලනකව සමෘද්ධිමත් අනාගතයක් කර ගමන් කරනු දැකීම උඩුගමසූරිය මහතා ඇතුළු කණ්ඩායමේ අපේක්ෂාවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෘජු ප්‍රේෂණ වැඩිවෙලාද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : 2025 වසර තුළ විදෙස්...

රත්නපුරේ නීතිඥවරයෙකුගේ නිවසකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : නීතිඥවරයෙකුගේ නිවසක තිබී මෙරට...

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...