ලංකේය ගැටවරයෝ පළමු තරගයේදී එංගලන්තයට බැට දෙති

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 29, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කරමින් පිළිවෙලින් අංක 4,5,6 සහ 7 ස්ථානවල පන්දුවට පහර දෙන ෂාරුජන් ෂම්මුගනාදන් (57),දිනුර කළුපහන (49),මහිත් පෙරේරා (58) සහ දිනිරු අබේවික්‍රමසිංහ (52) විසින් දියත් කළ ඉණිම් පදනම් කරගෙන එංගලන්ත අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 65 ක් ජයක් ලබන්නට හැකි විය.


ෂාරුජන්ගේ ඉණිම ඉතා කල්පනාකාරී ඉණිමක් වූ අතර ඔහු ලකුණු 40 දී පිටියට පිවිස ලකුණු 205 ක් වන තෙක් කඩුල්ලේ රැදී සිටිමින් දිනුර කළුපහන සමඟ සිව්වන කඩුල්ලට ලකුණු 73 ක් සබඳතාවයක් ද,මහිත් පෙරේරා සමඟ පස්වන කඩුල්ලට ලකුණු 67 ක් ද එක් කරමින් කැපී පෙණෙන ඉණිමක් දියත් කළේය.


ලකුණු 138 ක් ව තිබියදී පිටියට පිවිසෙන මහිත් පෙරේරා පන්දු 60 න් ලකුණු 58 ක් ලබා නොදැවී සිටි අතර ඔහු සහ දිනිරු අබේවික්‍රමසිංහ සමඟ වේගවත් ලකුණු 89 ක් එකතු කරන්නට දායක විය.දිනිරුගේ ලකුණු 52 ට වැය වුණේ පන්දු 37 ක් පමණක් වීම කැපී පෙණිනි.


නෝහ් කොන්වේල් පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ලකුණු 54 ට කඩුලු 3 ක් ලබා ගන්නට සමත් විය.පිළිතුරු ඉණිම වෙනුවෙන් එංගලන්ත ඉණිම අරඹන්නට එකතු වූ ශ්‍රී ලංකා සම්භවයක් සහිත කේශන ෆොන්සේකා ලකුණු 25 ක් රැස් කරන්නට සමත් වූ අතර එංගලන්තය වෙනුවෙන් වාර්තා වූ හොඳම ඉණිමේ හිමිකාරීත්වය ලැබුණේ නෝහ් තායින්ට ය.ඔහු ලකුණු 58 ක් රැස් කළ අතර ලකුණු 51 ක් ලැබූ නායක ලුක් බෙන්කේන්ස්ටීන් ද අර්ධ ශතකයකින් එංගලන්ත ලකුණු පූවරුව පොහොසත් කරන්නට දායක් විය.එහෙත් එම අර්ධ ශතක දෙකට බරව ශ්‍රී ලංකාව කඩුලු 6 ට ලැබූ ලකුණු 294 වෙනුවට එංගලන්තයට යා හැකි වූ දුර පන්දු ඕවර් 43.3 ද නිමාවට පත් වූයේ සියල්ලන් ලකුණු 229 ට දැවී යාමෙන්ය.


ශ්‍රී ලංකාව වෙනුවෙන් විහස් තෙව්මික ලකුණු 37 ට කඩුලු 3 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කරන්නට සමත් විය.හිවින් කෙනුල,තිසර එ්කනායක සහ ප්‍රවීන් මහීෂ අතරේ කඩුලු 2 බැඟින් බෙදී ගියේය.ඒ පිළිවෙලින් ලකුණු 28,48 සහ 58 වැනි ලකුණු ප්‍රමාණයන් එංගලන්තයට රැස් කර ගන්නට ඉඩ දෙමින්ය.තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකියි.
https://es.pn/3xrsjBq

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...