Tamar Amitai සොයා ගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ (LNW):

ඊශ්‍රායල ජාතික තරුණියක් වන Tamar Amitai පසුගිය 26 වන දින සිට අතුරුදහන්ව සිටි අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

මෙම අතුරුදහන්වීම මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවලද දැඩි අවධානයකට ලක්ව තිබුණු අතර, එම තරුණිය සංචාරයක් සඳහා පසුගිය 22 දින මෙරටට පැමිණ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති අතර පසුගිය 26 වන දින හෝටලයෙන් පිටත්ව ගොස් නැවත නොපැමිණීම නිසා හෝටල් හිමිකරු විසින් 29 දින උප්පුවේලි පොලිසීයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම මෙහෙයුම ආරම්භ කර තිබුණි.

එම තරුණිය නිලාවේලි ප්‍රදේශයේ කඳුබෑවුමකදී ලිස්සා යාමකට ලක්ව සිරවී සිටියදී සොයා ගැනීමට සෝදිසි මෙහෙයුමේදී හැකි වී ඇති අතර, සීරීම් සහ සුළු තුවාල වී සිටි ඇය ත්‍රිකුණාමලය මහ රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු උප්පුවේලී පොලීසිය මගින් සිදුකරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...