ජනපතිගේ සුබ ආරංචිය ගැන හෙට පැවැත්වීමට නියමිතව තිබුණු විවාදය නෑ, අනිද්දා ඡන්ද විමසීමත් නෑ. හේතුව මෙන්න !

Date:

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සම්බන්ධයෙන් හෙට (02) සහ අනිද්දා (03) දිනවල පැවැත්වීමට නියමිතව තිබුණු විවාදය හා ඡන්ද විමසීම නොපැවැත්වීමට තීරණය කර තිබේ.

අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණයට එළඹී ඇත.

රජය විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් අත්සන් කළ යුතුව තිබූ ගිවිසුම් තුනෙන් එකක් තවමත් අත්සන් කර නොතිබීම සහ එම ගිවිසුම් තුන මුදල් කාරක සභාවට ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් මෙසේ හෙටට සහ අනිද්දාට නියමිත විවාදය සහ අනිද්දා ඡන්ද විමසීම නොපැවැත්වෙන බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ.

“කලින් පැවති පක්ෂ නායක රැස්වීමේදී කිව්වා මේ ගිවිසුම් තුන අන්තර්ජාලයේ දාලා තියෙන්නේ කියලා. අත්සන් කරලා කැබිනට් එකට ඉදිරිපත් කරනවා කිව්වා. මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනවා කිව්වා. එහෙම කරලත් නෑ. හෙට ජනාධිපතිතුමාගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුව කල් තියනවා, විවාදයක් පැවැත්වෙන්නේ නෑ”

ඒ අනුව හෙට දිනයේ පාර්ලිමේන්තු රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් පමණක් සිදුකිරීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...