ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතාගේ වසර හැටක සේවා කාලය ඇගයූ ජනපති රනිල්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ (LNW):

ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතාගේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවයේ වසර හැටක (60) දීර්ඝ සේවා කාලයක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක්විය

එහිදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතාගේ සේවය අගයමින් ලිපියක් ප්‍රදානය කිරීම අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වීමට පෙර ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු කෙරුණි.

ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතා 1961 අගෝස්තු මස 01 වන දින මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවයට එක්වී ඇති අතර , 1974 ජූලි 03 වැනි දින අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ භාෂා උපදේශකවරයකු ලෙස පත්වී තිබෙන අතර, 2024 ජුලි 03 වැනි දිනට ඔහු අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ වසර පනහක (50) සේවා කාලයක් සම්පූර්ණ කර තිබෙන බව පැවසේ.

මෙම අවස්ථාවට, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...