සීමාවාසික පුහුණුවට නවක වෛද්‍යවරුන් 475 ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ (LNW):

අද (1) දින නවක වෛද්‍යවරුන් 475 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි. පත්වීම් ලබාගත් නවක වෛද්‍යවරුන් දිවයින පුරා රජයේ රෝහල් 68 ක වර්ෂයක පුහුණුව සදහා අනුයුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙන බව සඳහන් වේ.

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙල යටතේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්‍රධානය කෙරෙණි.

වසරක සීමාවාසික පුහුණුව සාර්ථකව නිම කරන වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචියට ලක් කෙරෙන අතර, අනතුරුව මෙරට වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව එම නිලධාරින්ට පවතී. මේ වනවිට වෛද්‍යවරු 30,000 කට අධික පමාණයක් රජයේ රෝහල්වල සේවය කරනු ලබන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...