ජාතික ආණ්ඩුවකට සමඟිය බෑ කියයි!

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.

මැතිවරණ පස්සට ඇදීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම යෝජනා කරමින් තිබෙන හෙයින් ඒවාට එකඟවිය යුතු නැති බවටයි සමඟි ජන බලවේගය තුළ සාකච්ජාවට ලක්ව ඇත්තේ.

ඒ අනුව ආණ්ඩුව යෝජනා කරන ජාතික ආණ්ඩුවකට එකඟ නොවිය යුතු බවට මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ගෙන ආ යෝජනාව සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අනුමත අකර තිබේ.

කෙසේවෙතත් දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසමින් තිබෙන්නේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සමඟියේ සැලකිය යුතු මන්ත්‍රී කණ්ඩායමකගේ සහය යෝජනා වී ඇති බවයි.

මේ අතර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් සෘජුවම සජිත් ප්‍රේමදාස, විපක්ෂ නායක වෙත කර තිබෙන බලපෑමද ඊට රුකුලක් දී ඇති බවද කියවෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...