දකුණු මෙක්සිකෝවේ ටිපර් රථයක තිබී මළ සිරුරු 19ක් සොයා ගනියි

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ කොන්කෝඩියා නගරයට ආසන්න ග්‍රාමීය මාර්ගයක අතහැර දමා තිබූ ටිපර් රථයක තිබී පිරිමි මළ සිරුරු 19ක් සොයා ගෙන ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මෑත වසරවල මත්ද්‍රව්‍ය හා සංක්‍රමණික ජාවාරමට සම්බන්ධ කල්ලි අතර ප්‍රචණ්ඩත්වය ඉහල ගොස් ඇති අතර මූලික විමර්ශනයකින් හෙළි වූයේ ගැටුම මෙක්සිකෝවේ බලවත්ම සමාගමක් වන Sinaloa කාටෙල් සහ “Chiapas and Guatemala” කාටෙල් හා තවත් කල්ලියක් අතර ඇති වු ගැටුමක් මේ සඳහා හේතු වූ බවයි.

Insight Crime නමැති රාජ්‍ය නොවන සංවිධානයට අනුව, චියාපාස් කලාපය මත්ද්‍රව්‍ය, අවි ආයුධ සහ එක්සත් ජනපදය දෙසට සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රධාන කලාපයක් වශයෙන් හඳුනාගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...