(PHOTOS):වාරණ නියෝග මැද කිරි ගොවියෝ උද්ඝෝෂණයේ!

කොළඹ LNW:සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු කිරි ගොවීන් සුරැකීමේ මධ්‍යස්ථානය හා වෘත්තිය සමිති විසින් අද (03) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

විරෝධතා පාගමනක් ද සහිතව සංවිධානය කර තිබුණු එම විරෝධතාවට එරෙහිව පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සහ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් වාරණ නියෝග දෙකක් ලබාගෙන තිබුණු අතර ඒ අනුව විරෝධතාව ආරම්භ කිරීමට නියමිතව තිබුණු මරදාන ටෙක්නිකල් හන්දිය වෙනුවට කොටුව දුම්රියපොළ ඉදිරිපිට එය පැවැත්වීමටයි සංවිධායකයින් කටයුතු කළේ.

පාගමන් යාමට නොහැකි බවට පොලීසිය විසින් නිවේදනය කළ අතර කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත්වුණි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුලු වෘත්තිය සමිති සාමාජිකයින්ට ටෙක්නිකල් හන්දිය, ඩීන්ස් පාර ඉබ්බන්වල හන්දිය, ගාමිණිහෝල් හන්දිය ඇතුලු ප්‍රදේශවලට ඇතුලු වීම වළක්වාලමිනුයි අධිකරණ නියෝග ලබාගෙන තිබුණේ.

දේශීය කිරි කර්මාන්තය විදේශීය සමාගම්වලට විකිණීමේ ආණ්ඩුවේ සැලසුම් හකුළා ගන්නා ලෙස බලකරමිනුයි මෙම විරෝධය පැවැත්වුණේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/674/Court%20order%20on%20Namal%20Karunaratne%20and%20others%20over%20planned%20protest

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...