උතුරු මරියානා ගැටුම්වලින් විරේන් අවසන් 16 අතරට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 03, (LNW) කොළඹ :

උතුරු මරියානා දූපත් හී සායිපෑන් හී පැවත්වෙන CROWNE PLAZA Northern Marianas Open බැඩිමින්ටන් තරගාවලිය නියෝජනය කරන 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන විරේන් නෙත්තසිංහ අවසාන ක්‍රීඩකයින් දහසය දෙනා අතරට එන්න සමත් වී තිබෙනවා.තරගාවලයට සහභාගි වෙන ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේදී ඉදිරියෙන්ම සිටින විරේන් නිතරග ජයකින් අවසන් 32 අතරට පිවිසි අතර එහිදී දකුණු කොරියාවේ හ්සීන් ට්සේ ටු වට 2-0 ට පරාජය කරන්නට සමත් වුණා.


විනාඩි 35 ක් ගෙන කොරියානු ක්‍රීඩකයා පරාජය කිරීමට විරේන් සමත් වූ අතර ලකුණු තත්ත්වය සටහන් වී තිබුණේ 21 – 7 ක් සහ 22 – 20 ක් ලෙසයි.වෘත්තීය මට්ටමට බැඩිමින්ටන් ක්‍රීඩාවේ නියැලෙන්නට අවස්ථාව ඇති දියුණු බැඩිමින්ටන් මෙන්ම ක්‍රිඩා සංස්කෘතියක් ඇති රටක් වන දකුණු කොරියාවේ ඊ ළඟ පරම්පරාව භාර ගැනීමට සූදානමින් සිටින,18 හැවිරිදි ටු,අවසාන වටයේ දී විරෙන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට සමත් වුණා.


අවසන් 16 දෙනාගේ වටයේදී ද විරේන්ට හමුවන්නේ ඔහුට වඩා ශ්‍රේණිගත කිරීම්වල පහළින් සිටිය ද අත්දැකීම් බහුල 26 හැවිරිදි ජපානයේ කෙයිසුකේ ෆුජිවාරා යි.හෙට ඔහු ජය ගැනීමට ද විරෙන්ට තමන්ගේ කුසලතා සහ ෆුජිවාරාගේ අත්දෑකීම් අතර වන ගැටුමක්ට මුහුණ දිය යුතුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...