*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ජෙප්පන් සහ සජබෙ තම කුහකත්වය පෙන්වයි

ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන ආර්ථික තත්ත්වය යළි නගා නගා සිටුවීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවීම පසුගියදා සිදුවුණා.එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා හා අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි සමුළුවට එක් ව සිටිති.

රටක ආර්ථික දුෂ්කරතාවයන් පවතින අවස්ථාවකදී සර්වපාක්ෂික සමුළුවක් කැඳවීම රජයක් විසින් ගනු ලැබූ බුද්ධිමත් ක්‍රියා මාර්ගයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙරට දේශපාලන ඉතිහාසය තුළ සියලු පක්ෂ එක් වී රටේ ගැටළුවලට විසඳුම් සෙවීම කිහිපවිටක්ම සිදු වී ඇති නමුත් මෙවර සිදු වන්නේ අන් කවරදාකවත් නොවූ සාමූහික ප්‍රයත්නයකි.සර්වපාක්ෂික සමුළුව සඳහා පක්ෂ 11ක සහභාගීත්වයක් පෙන්නුම් කරන අතර මේ සඳහා දායකත්වය නොදුන් ඇතැම් පක්ෂ තම වාසිය තකා දේශපාලන පටු අරමුණුවලින් තවමත් ජනතාව පසෙකලා ගමන් ගන්නා බව පෙනෙන්නට තිබේ.

මහ බැංකු අධිපතිවරයා විසින් කියන ලද කතාව පදනම් කරගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සැබවින්ම අදාළ වන්නේ මෙම සමුළුවට තම දායකත්වය නොදුන් පක්ෂ දේශපාලනය සහ පටු අරමුණු පදනම් කරගත් දේශපාලන පක්ෂවලට ය.

සමගි ජන බලවේගය රටටම විහිලු සපයමින් ජනතාව ගැන සිතනවා වෙනුවට ප්‍රායෝගික නොවන පුහු තර්ක පමණක් ඉදිරිපත් කරමින් සිටියි.සමාජවාදී අරමුණු පෙරදැරිව ජනතාව ගැන සිතනවා කියා කටින් පමණක් පම්පෝරි ගසන ජාතික ජන බලවේගයට මෙවැනි අවස්ථාවක ජනතාවගේ පාර්ශවයේ සිට ගැනීමට තරම් කොන්දක් නොමැතිවීම කණගාටුවට කරුණකි. එසේම මේ මොහොතේ දී එකාවන්ව කටයුතු කරමින් විසඳුම් සෙවීම වෙනුවට පාරට බැස තව තවත් ජනතාව පීඩාවට පත් කිරීම ඉතිහාසයේ සිටම පෙරටුගාමීන්ගේ මෙන්ම සමගි ජනබලවේගයේ ද ලක්ෂණයකි.ජාතික ජන බලවේගය සහ සමඟ ජන බලවේගය වැනි ආත්මාර්ථකාමී දේශපාලන පක්ෂ දෙස මේ මොහොතේ දී ජනතාව වුව ද බලන්නේ පිළිකුල් සහගතව ය. රටටම අර්බුදයක් ඇති වූ අවස්ථාව, පුද්ගලික වාසි පසෙකලා රට ගැන සිතීමට කාලයක් ලෙස සලකා එයට දායක නොවී සිටීම සැබැවින්ම දේශද්‍රෝහී පුද්ගලයින්ගේ ගතියකි

ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan