ගින්නක් හේතුවෙන් පැය 05ක් වසා තිබුණු A-9 මාර්ගය යළි විවෘත වේ.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ජූලි 05, (LNW) මහනුවර : බේකරි නිෂ්පාදන අලෙවි කරන අකුරණ පිහිටි ප්‍රධාන පෙලේ ආයතනයක අද (05) උදෑසන හට ගත් ගින්න හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කිරීමට පොලීසියට කටයුතු යොදා තිබේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනි ගැනීම සිදුව ඇතැයි සැක කරන අතර අද පෙරවරු 07.00ට පමණ ගින්න ආරම්භ වී ඇත. මේ හේතුවෙන් තෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර ඊට යාබදව පිහිටි ජාත්‍යන්තර පාසලකට හා තීන්ත අලෙවි සැලකට ද ගින්න ව්‍යාප්ත වී තිබේ.

ගින්න ආරම්භයත් සමඟ පාසලේ දරුවන් කඩිනමින් ඉවත් කිරිමට අලවතුගොඩ පොලිසිය හා ප්‍රදේශවාසීන් කටයුතු කළ අතර වෙළඳ සැලේ වූ තීන්තද විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කිරීම නිසා ගින්න තව දුරටත් පැතිරීම වැළැක්වී ඇත.

ගින්න පැතිරීම නිසා ජාත්‍යන්තර පාසලේ ගොඩනැගිලි හතරකට හානි සිදුව තිබේ.

මහනුවර නාගරික ගිනි නිවීමේ සේවා ඒකකයේ නිලධාරීන්, පොලිසිය හා යුද හමුදා නිලධාරීන් ප්‍රදේශවාසින් හා එක්ව ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට සමත්වූ අතර පසුව අබලි ද්‍රව්‍ය ඉවත් කොට මාර්ගය සොදා දැමීමෙන් පසු මාර්ගය යළි විවෘත කොට තිබේ.

හානි වූ ගොඩනැගිල්ලේ කොටස් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමට ඉඩ ඇති බැවින් වාහන ධාවනයේදී සුපරික්ෂාකාරී වන ලෙස අලවතුගොඩ පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...