නිමල් සිරිපාලගේ පැමිණිල්ල දයාසිරිට හරස් වෙලා.පක්ෂ මුලස්ථානයට ඇතුල්වීමට පොලීසිය දයාසිරිට දී නැහැ!

Date:

කොළඹ LNW:තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට නීතිමය අවසරය තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පක්ෂ මූලස්ථාන කාර්යාලයට ඇතුල් වීමට අද (05) ඉඩක් නොලැබුණි.

ඒ පක්ෂයේ සභාපතිවරය ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දයාසිරි ජයසේකර මහතා පක්ෂ මූලස්ථානයට ඇතුල් වීම වළක්වාලීම සඳහා කර තිබෙන පැමිණිල්ල හේතුවෙනි.

කෙසේවෙතත් දයාසිරි ජයසේකර මහතාට සහය පළකරමින් ශ්‍රීලනිප පාක්ෂිකයින් කණ්ඩයමක් ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානය ඉදිරිපිට රැස්ව සිටි අතර එම ස්ථානයට පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණි.

ඒ අනුව කිසිවෙකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය වෙත ඇතුල් වීමට අවසර නොලැබුණි.

තවදුරටත් තමන් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමේ නීතිමය බලය ලැබී තිබියදීත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ මෙම බාධා කිරීම අධිකරණයට කර තිබෙන අපහාසයක් හෙයි ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...