පොලීසියට ලක්ෂ 580ක බල්ලන් ගෙනෙයි !

Date:

ශ්‍රී ලංකා පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා ආනයනය කළ සුනඛයින් 35 දෙනෙකු ඊයේ (05) අලුයම නෙදර්ලන්තයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රැගෙන ලැබ තිබේ.

නෙදර්ලන්තයේ K10 Workingdogs නැමැති පෞද්ගලික සත්ත්ව ගොවිපළෙන් මෙම සුනඛයින් ආනයනය කර ඇති අතර ඒ සඳහා වැයකර ඇති මුදල් රුපියල් මිලියන 58ක් හෙවත් රුපියල් ලක්ෂ 580ක් බව සඳහන්.

මෙම සුනඛයින් අතර, බෙල්ජියම් මැලිනොයිස් (Belgian Malinois) වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු, ජර්මන් ෂෙපර්ඩ් (German Shepherd) වර්ගයේ සුනඛයන් 12 දෙනෙකු සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් (English Spaniel) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු ඇතුළු සුනඛයින් 35 දෙනෙකු සිටින බවයි පොලිස් සුනඛ අංශය සඳහන් කරන්නේ.

මාස 8ත් 12ත් අතර වයස්වල පසුවන මෙම සුනඛයින් අතරින් 21 දෙනෙකු ගැහැණු සතුන් බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...