ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධ පෙත්සම සලකා බැලීම අද

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW):

අද (08) දිනයේ දී , ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වු පෙත්සම සලකා බැලීම සිදුකිරීමට නියමිතයි.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීම සිදු කෙරෙන අතර , පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පසුගිය දා නම් කෙරුණි.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථ කථනය කරන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා ගොනු කළ අතර , ඒ ව්‍යාපාරික චමින්ද්‍ර දයාන් ලේනව මහතා විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...