සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW):
අද( 08) පස්වරුව දක්වා , දිවයිනේ ඇතැම් ප්රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රාදේශිය ලේකම් කොට්ඨාස 11 කට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
මේ අනුව කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය බුලත්සිංහල,මතුගම සහ පාලින්දනුවර යන ප්රාදේශිය ලේකම් කොට්ඨාසවලට සහ රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර , කලවාන, කුරුවිට, කිරිඇල්ල, අයගම , ඇලපාත සහ ඇහැලියගොඩ යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහාද මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම බලපැවැත්වෙයි.
අද 08 පස්වරු 4.00 දක්වාජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය පවසන්නේ මෙම ප්රා දේශිය ලේකම්කොට්ඨාස සඳහා පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය බලපැවැත්වෙන බවයි.