නීතිපති ස්ථාවරය අධිකරණයට දැනුම් දෙද්දී විමල්ගෙනුත් අතුරු පෙත්සමක්!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණය කල්දමන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ගොණු කර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද අද (08) අතුරු පෙත්සමක් ගොණු කර තිබේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ අභිප්‍රාය වුයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5කට සීමා කිරීම බවයි පෙත්සමේ මූලික වශයෙන් සඳහන් කර ඇත්තේ.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් නීතිඥ නිශාන් ප්‍රමිතිරත්න, නීතිඥ ගමිදු කරුණාසේන, ෂෙනාලි ඩයස්, නිමාෂි ප්‍රනාන්දු ඇතුළු නීතිඥවරු පිරිසක් අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අතුරු පෙත්සම ගොණු කර තිබෙන අතර මේ වන විට සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය යන විපක්ෂ පාර්ශව ද අතුරු පෙත්සම් ගොණු කරන ලදී.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධ අර්ථ නිරුපණය යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දැනුම් දෙනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෘජු විදේශ ආයෝජන වල කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : අද (20) පෙරවරුවේ...

බලාපොරොත්තු සියල්ල මොහොතකට අතැර බොහෝ පිරිස් සමුදෙන ඊශ්‍රායලය!

රෂිකා හෙන්නායක ජූනි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  මේ දිනවල...

ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාවට එරෙහි නීති ඉවත් කිරීමේ පොරොන්දුවට යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රසාදය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාවට එරෙහිව පවතින නීති ඉවත්...