උදෑසනදී අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙකු මියයයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW):

අද (08) පෙරවරුවේ අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.

එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවාද ඒ අතර වේ. වෙඩි වැදීමෙන් කේ. සූජීවාගේ පාදයකට බරපතල හානි සිදුව තිබේ.

අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර දී වෙඩිතැබීම සිදුව ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු වහාම හෝමාගම රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

එහිදී ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ තවත් අයෙක් මේ වනවිට මියගොස් ඇත.

වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් පැමිණි වාහනය බව පැවසෙන වාහනය අසල CCTV කැමරාවක සටහන්ව තිබෙන බව පොලීසිය සඳහන් කළේය. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...