ජනපතිගේ ධුර කාලය ගැන පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ අර්ථ නිරූපණයක් ලබාදෙන ලෙසත් එතෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

ඒ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ය.

රුපියල් 100,000 ක නඩු ගාස්තුවකට යටත්ව පෙත්සම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කරන ලෙස පෙත්සම්කරුට නියෝග කරන ලදී.

මෙම පෙත්සම ගොනුකර තිබුණේ සී. ඩී. ලෙනව නම් ව්‍යාපාරිකයකු විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපති ප්‍රශ්නය නිමයි. ව්‍යවස්ථා සභාවෙන් අනුමැතිය ලැබෙයි!

කොළඹ LNW:ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන එල්. එස්....

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...