ජන්දය ජනතාවගේ අයිතියක්.අපිත් වැඩේට සූදානම්!

Date:

කොළඹ LNW:ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ මැතිවරණ කල්දමන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරණය පවත්වන්නේ අවුරුදු පහෙන් ද හයෙන් ද යන්න ඇතැමුන්ට දැන් මතක් වී තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා ඒ පිළිබඳව සොයා බැලීම සඳහා මීට පෙර අවස්ථාව තිබූ බවද ජනාධිපතිවරණයට දින නියම කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්ට බලය යන්න සතියක් තිබිය දී ජනාධිපතිවරණයට වසර පහක් ද හයක් ද කියා සොයා බලන බවද පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව සදහන් කළේ මොණරාගල පොළ භූමියේ දී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් “මොණරාගල” ආසන සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

”අපි මැතිවරණ කල් දාන දේශපාලන බලවේගයක් නෙමෙයි. මේ රටේ ජනතාවට අයිතියක් තියෙන්න ඕනෙ තමන්ට කැමති ආණ්ඩුවක් තෝරා ගන්න. ජනතාවට අයිතියක් තියෙන්න ඕනේ තමන්ට කැමති ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා, සභාපතිවරයා, පළාත් සභා මන්ත්‍රීවරයා, මහ ඇමැතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, රාජ්‍ය ඇමැතිවරයා, ඇමැතිවරයා, අගමැතිවරයා, ජනාධිපතිවරයා තෝරා ගන්න. ඒ අයිතියට පයින් ගහන්න කිසිම දේශපාලන බලවේගයකට අයිතියක් නැහැ. ඉතිහාසයේ ඒවා තියෙන්න ඇති. ඉතිහාසයේ එහෙම තිබුණා. ඡන්දෙ දැම්මොත් බෙල්ල කපනවා කියපු අයත් ඉන්නවා. ඡන්දෙ දාන්න ගියාම මරපු අයත් ඉන්නවා. එහෙම දේශපාලන පක්ෂ අදටත් තියෙනවා. ඒ අය අදත් දේශපාලනය කරනවා. සමහර නායකයො තමන්ට ජයග්‍රහණය කරගන්න බැරි වුනාම ඡන්ද කල් දැම්මා. එහෙම ඉතිහාසයක් අපිට තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැඩි සේ විශ්වාස කළා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මේ රටේ ජනතාවට දෙන්න ඕනෙ කියලා. ඒ නිසා මහින්ද මහත්තයාගේ දේශපාලන ප්‍රතිපත්තිය අනුගමනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම මැතිවරණ කල් දාන්න ඉඩ තියන්නේ නැහැ.

ඒක ජනතාවගේ අයිතියක්. ඒ අයිතිය ජනතාවට තියෙන්න ඕනෙ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. මේ රටේ ආර්ථිකය ගොඩනගන්න සහ දරුවාගේ රැකියාව සුරක්ෂිත කරන්න අපිට වැඩපිළිවෙළක් සහ දැක්මක් තිබෙනවා. රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණලා දාන ප්‍රතිපත්ති අපි ළඟ නැහැ. ආයෝජකයෝ ගේන්න. ආයෝජකයො ගෙනල්ලා දියුණු කරන්න. එක් එක් ආයතනවලට ආවේණික වූ ක්‍රමවේදයකට අනුකූලව ආයෝජකයෝ ගේන්න. නමුත් එක එක දේශපාලනඥයන්ගේ හෝ දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න රාජ්‍ය දේපළ අතකොළුවක් බවට පත්කරන්න අපි ඉඩ තියන්නෙ නැහැ. අපි ගොවියා ආරක්ෂා කරනවා. අපි ධීවරයා ආරක්ෂා කරනවා. කම්කරුවා ආරක්ෂා කරනවා වගේම අපේ රටේ සංස්කෘතියයි පන්සලයි ආරක්ෂා කරන්නත් අපි කටයුතු කරනවා. පල්ලිය කෝවිල ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. අවශ්‍ය දේශීය චින්තනයත් සමග දේශීය ආර්ථිකය ගොඩනැගීමේ සැලැස්ම අපි සතුව තිබෙනවා. ඉදිරි කාළ සීමාව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණ දෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පක්ෂයක් විදියට අපි සූදානම්.” යනුවෙන් තවදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...