අද (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයකට සැරසෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 09, කොළඹ (LNW):

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට උසස්වීම් ලබාදීනොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් අද පස්වරුවේ සිය ගමනාගමන පහසුකම් ලබාගැනීම සඳහා පැමිණි මගීන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.

දුම්රිය ස්ථානාධිපති සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කළේ අද පස්වරුවේදී වන අතර, නියමිත පරිදි උසස් වීම් ලබානොදීම ඇතුළු කරුණු 14 ක් මුල් කරගනිමිනි.

දුම්රිය ස්ථානාධිපති සංගමය පැවසුවේ, රාත්‍රී 12න් පසු ධාවනය වීමට නියමිත දුම්රිය සියල්ල අවලංගු කළ බවයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ධාවනයට සූදානම් කොට තිබූ තැපැල් දුම්රියන් අවලංගු කිරීමට පියවර ගත් බවයි.

මේ අතර හෙට දින (10) ධාවනයවීමට නියමිත කාර්යාල දුම්රිය කිහිපයක් අවශ්‍ය නිලධාරින් යොදවා ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් කරමින් පවති බවද සඳහන්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...