*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

නව මාවතකට රට ගෙනයාමේ සහ නව සමාජ ක්‍රමයක් බිහිකිරීමේ දී මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා ඉතා වැදගත් වෙනවා – ජනපති

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ (LNW):

ගාල්ල කරන්දෙණිය සිරි අභයතිස්ස පිරිවෙණේ අද (10) පස්වරුවේ පැවත්වුණු මහා විහාර වංශික අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ 44 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවයට එක් වෙමින්,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, මීට වසර දෙකකට පෙර මේ රටේ ආර්ථිකය කඩා වැටුණු බවත්, රට බංකොලොත් වූ බවත්, කාලයක් පුරා පවත්වා ගෙන එනු ලැබූ ආනයන ආර්ථික ප්‍රතිපත්තිය නිසා අපට එම තත්ත්වයට මුහුණ දීමට සිදු වූ බවත්‍ ය. නමුත් අනෙකුත් සියලු ථෙරවාදි බෞද්ධ රටවල් අපනයන ආර්ථිකයක් කරා සිය රටවල් මෙහෙයවනු ලැබූ බවද පැවසීය.

මෙහිදී, අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ උපසම්පදා විනයකර්මය ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද සිට ජූලි 14 වනදා දක්වා මහාඒදණ්ඩ හල්වතුර නදී උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙන අතර සාමණේර ස්වාමීන් වහන්සේලා 98 නමක් එහිදී උපසම්පදා ශීලයේ පිහිටුවීම සිදු කෙරෙන අතර, විහාරස්ථාන 600කට අධික ප්‍රමාණයක ස්වාමීන් වහන්සේලා 4000කට අධික පිරිසක් නියෝජනය කරන අමරපුර අරියවංශ සද්ධම්යුක්තික පාර්ශ්වය වසර දෙකකට වරක් උපසම්පදා විනය කර්මය සිදු කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූවේ,

” උපසම්පදා විනය කර්මය පැවිදි ඉතිහාසයේ ශක්තිමත්ම අවස්ථාවයි. එම උත්සවයේ වැදගත්කම නිසාම ඈත අතීතයේ සිට ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබෙනවා. අද මේ සිදුකරන උපසම්පදා මහෝත්සවයට ද රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බව මා සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාවට උපසම්පදා විනය කර්මය දෙයාකාරයකින් ලැබුණා. පළමුවැන්න සියම් රාජ්‍යයේ අයෝධ්‍යාවෙන් ලැබුණු උපසම්පදාවයි. මියන්මාරයේ අමරපුරින් ලැබුණේ දෙවන ක්‍රමයයි.

ශ්‍රී ලංකාවේ උපසම්පදා විනය කර්මය සිදු නොවු වකවානුවක් තිබුණා. එම අවස්ථාවේ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම සහ රාජ්‍ය අනුග්‍රහය මත සියම් රාජ්‍යයේ අයෝධ්‍යාවෙන් පළමුවරට උපසම්පදාව රැගෙන ආවා.

ඉන් පසුව නැවත උපසම්පදාව නැති වී ගිය විට මියන්මාරයේ අමරපුර රාජ්‍යයෙන් නැවත උපසම්පදාව මෙරටට ගෙන ඒමට කටයුතු කළා. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව උපසම්පදා පුණ්‍ය කර්මය සිදුවෙනවා. බ්‍රිතාන්‍යයන් විසින් දකුණු ලක පාලනය කරන සමයේ භික්ෂූත්වය සහ ශාසනය රැක ගැනීමට ස්වාමීන් වහන්සේලා සිදුකළ සේවාව අතිමහත් බව ද කිවයුතුයි.

මීට වසර දෙකකට පෙර මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. රට බංකොලොත් වුණා . කාලයක් පුරා පවත්වා ගෙන එනු ලැබූ ආනයන ආර්ථික ප්‍රතිපත්තිය නිසා අපට එම තත්ත්වයට මුහුණ දීමට සිදු වුණා. නමුත් අනෙකුත් සියලු ථෙරවාදි බෞද්ධ රටවල් අපනයන ආර්ථිකයක් කරා සිය රටවල් මෙහෙයවනු ලැබුවා.

එම නිසා අප නව ආර්ථික ක්‍රමයක් සහ නව දේශපාලන ක්‍රමයක් රට තුළ කඩිනමින් ඇතිකළ යුතුයි. මෙම නව මාවතකට රට ගෙනයාමේ වැඩපිළිවෙළේදී සහ නව සමාජ ක්‍රමයක් බිහිකිරීමේ දී මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා ඉතා වැදගත් වෙනවා” ලෙස කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan