*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

පැරිස් ඔලිම්පික් උළෙලට හඳුනාගත් LGBT 40 ක්

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 10. (LNW) කොළඹ :

LGBT හඳුන්වන ලිංගික අනන්‍යතාවයේ සහ රුචිකත්වයේ වෙනස්කම් සහිත ප්‍රජාවට අයත්වන කාන්තා සහ පිරිමි සමරිසි 40 දෙනෙක් මේ වන විට පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කරන බව හඳුනාගෙන ඇත. සමහර විට මෙවැනි රුචිකත්වයන් සහ අවශ්‍යයතා සහ අනන්‍යතා අප්‍රකටව පවත්වා ගෙන යන විවෘත වූ සංස්කෘතික නිදහසක් නැති සහ එවැනි තත්ත්වයන් වරදවල් කොට සිතන නූතණ විද්‍යාවට වඩා නොදියුණු සම්ප්‍රදායන් සහ ආගමික බලහත්කාරයන් ක්‍රියාත්මක රටවල පිරිස් මෙවැනි තත්ත්වයන් සඟවා ගෙන සිටිනවා විය හැකිය

ඇමෙරිකානු පැසි පන්දු ක්‍රීඩිකා ජුවෙල් ලොයිඩ්


මේ එවැනි ලිංගික කැමත්ත පිළිබඳ රුචිකත්වය සඟවාගෙන සිටීම ගැන හොඳම කතාව මතු වන්නේ මෙවර ඔලිම්පික් උළෙල නියෝජනයට සම්බන්ධවන පළමු සරණාගත බොක්සිං ක්‍රීඩිකාව කාන්තා සමරිසි (lesbian) ක්‍රීඩිකාවක ලෙස මතු වෙන ප්‍රශ්නය ගත හැකිය.නමින් දින්ඩි න්ගම්බා වන ඇය උපතින් කැමරුන් ජාතිකයෙකි.ඇය පවුලත් සමඟ බ්‍රිතාන්‍යයට පැමිණ එහි වෙසෙද්දී වරක් නීති විරෝධි ලෙස ජීවත්වීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සරණාගත කඳවුරකට යොමු කරන්නේය.

ඔස්ට්‍රේලියානු ඔරු පැදීමේ ක්‍රීඩක රොබී මෙන්සන්


එහිදී ඇය විවෘතව සිය ලිංගික අනන්‍යතාව පැහැදිළි කරන අතර කැමරුන් හී එම තත්ත්වය සළකන්නේ බරපතල දඬුවම් දිය යුතු වරදක් හැටියටය.ඒ නිසාම එම අනන්‍යතාවය සහ ස්වාධීනත්වය රැක ගනිමින් ඇයට එංගලන්තයේ ජීවත්වෙන්නට සහ බොක්සිං ක්‍රීඩාව දියුණු කර ගනිමින් නඩත්තු කරන්නට අවස්ථාව උදා වන්නේය.

න්ගම්බා


මේ ආකාරයට සින්ඩි කැමරුන් සිටියේනම් සිය අනන්‍යතාවය හෙළි නොකර පීඩාකාරී ජීවිතයක් ගත කරනු නිසැකය.එවිට ඇයගේ දක්ෂතා එම පීඩනය විසින් විනාශ කර දමන්නට ද තිබිණ.මෙවැනි සමාජ සංස්කෘතික අවහිරතා සමඟ සිටින තවත් පිරිස් මෙවර ඔලිම්පික් උළෙලේ තමන්ගේ ලිංගික රුචිකත්වයන් සහ කැමත්ත සඟවා ගෙන සිටිනු නො’අනුමානය.එසේ නොවන සින්ඩි එංගලන්තයේ වෙසෙන බැවින් විවෘතව තමන් ගැන කිව හැකි ආකාරයට, එවැනි දියුණු සහ මිනිසුන්ගේ රුචිකත්වයන්ගේ විවිධත්වය සහ ඊට ඇති විද්‍යාත්මක පදනම අවබෝධ කර ගත් සමාජ සංස්කෘතික පරිසර සහිත රටවල්වල ප්‍රසිද්ධියේ පෙනී සිටීමට ඇති හැකියාව ඔස්සේ මෙම 40 නම් කර ඇත.

රිචඩ්සන්


මේ අතරින් වැඩි දෙනෙක් ක්‍රීඩිකාවෝ වෙති.ඒ අතරින් ඇමෙරිකානු පැසිපන්දු කණ්ඩායමේ වැඩ දෙනෙක් සමඟ ඇමෙරිකාව මේ ඔලිම්පික් උළෙලේ වැඩිම LGBT නියෝජනය සහිත රට හැටියට දැක්විය හැකිය.ඇමෙරිකාව නියෝජනය කරන සමරිිසි ක්‍රීඩිකාවන් අතර ද්වී ලිංගික නැඹුරුවක් (bisexual) ඇති ක්‍රීඩිකාවක් ලෙස සුප්‍රකට ඇමෙරිකානු කෙටි දුර ධාවන සූරි ෂා කැරී රිචඩ්සන් ද සිටින අතර ඇයට ඉකුත් ටෝකියේ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබුවද, තහනම් උත්තේජන භාවිතා කළ බවට ඔප්පුවීම නිසා සහභාගී වීමට නොලැබිණි.


තවත් විශේෂත්වයක් ලෙස දැක්විය හැක්කේ මේ මානවීය නිදහස රිසි පරිදි භුක්ති විදීමට ලැබුණු ඉඩ ඇතුළත ඇතැම් සමරිසි යුවලවල් දරුවන් ද සමඟ පවුලක් ලෙස ජීවත් වෙන අවස්ථා සුලබ අතර මේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අතර ද ඒ ආකාරයට දරුවන් හදා වඩා ගන්න සමරිසි යුවලවල් ද ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan