ප්‍රංශ යුවතියට මරු කැදවූ සෙල්ෆිය!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ (LNW):

19 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියක් මියගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ ඇල්ල පල්ලේවෙල දිය ඇල්ල නැරඹීමට ගොස් සිය පෙම්වතා සමග දිය ඇල්ලේ ගල්පර්වතයකට නැග ඡායාරූප ගැනීමට යාමේදී ඉන් ලිස්සා අඩි 200ක් පමණ පහළට ඇද වැටීමෙන් බව සඳහන් වේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොනික්වි යාකෝට් ඩර්කේන් නැමැති 19 හැවිරිදි තරුණියක් බව සඳහන් වේ.

පසුගිය 25 වැනිදා ඇය මෙරටට සංචාරයක් සඳහා සිය පෙම්වතා සමග පැමිණ ඇති බවත් පසුව මොවුන් දෙදෙනා ඇල්ල ප්‍රදේශයේ සංචාරයකත් නිරතව තිබෙන බව පැවසේ .

එසේ පැමිණි මොවුන් දෙදෙනා තවත් විදේශීය සංචාරක යුවලක් සමග ඇල්ල දිය ඇල්ල නැරඹීමට ගොස් ඇති අතර එහිදි ගල් පරයක් උඩ නැගී ඡයාරූප ගැනීමේදි ඇය ඉන් ලිස්සා ගොස් තිබෙන බව වාර්තා වේ.

අනතුරුව , ගම්වාසීන් මහත් වෙහෙසක් දරා ඇයව ප්‍රපාතයෙන් උඩට ගෙන විත් වහාම වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ,එහිදි දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදියි ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...