ඩයනාට නඩු පිට නඩු!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ (LNW):

ආගමික හා විගමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද නඩු පවරා තිබෙන බව පැවසේ.

ඇප මත සිටින ඩයනා ගමගේ විත්ති කූඩුවේ පෙනී සිටීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැමිණිලි ගොනු කරමින් නඩු පැවරූ අතර චෝදනා කියවාදීම අගොස්තු 01 දින සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවෙල දන්වා සිටි බව සඳහන් වේ.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද දින නිවාඩු ලබා ඇති බැවින් චෝදනා කියවාදීම මෙසේ කල් තබා තිබෙන බව පැවසේ.

නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරියගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිමාන්ඩ් කළ කෙහෙළිය ඇතුළු පිරිසට බන්ධනාගාරයේ ලැබුණු තැන!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු...

කොළඹ පරාජයෙන් පසු සජබෙන් ඇමති වටගලට වටකර පහරදීමේ මෙහෙයුමක්

කොළඹ මහ නගර සභාවේ බලය අල්ලා ගැනීමට නොහැකි වීමෙන්...

කොළඹ කොටස් වෙළඳපොලට දින 4 කදී බිලියන 202 ක් අහිමි වෙයි !

පිටපිට සිව්වැනි දිනටත් කොළඹ කොටස් වෙළඳපොලේ පසුබෑමක් ඊයේ (18)...

සෝමවංශ වංශකතාව ….

88 - 89 සන්නද්ධ අරගලය සමූල ඝාතනය වූ පසු...