කෙහෙළිය යළි රිමාන්ඩ්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගෙන රජයේ රෝහල්වලට බෙදාහැරීම තුළින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන්ව ඊයේ (12) දිනයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 02 වනදා කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් අතර පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඔහු මේ දක්වාම රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ට්‍රම්ප් දෙවන විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවත් මැදපෙරදිගට යවයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට(15)..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ 43 වැනි...