රුසියානු හමුදාවත් පුටින්ට පිටුපාලා ! ලෝකෙට ලොක්කා වෙන්න ගිය පුටින්ට ගෙදරම යන්න වෙයිද ?

Date:

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඔහුගේ හමුදා නායකයන් අතර ඉතා බරපතල මතභේද හටගෙන ඇති බව ඇමරිකාවේ ධවල මන්දිරය ප්‍රකාශ කරනවා. බුද්ධි අංශ මගින් මේ බව තහවුරු කරගෙන ඇති බවයි ධවල මන්දිරය පවසන්නේ.

යුක්රේන ආක්‍රමණයට අදාලව පුටින් විසින් ලබාදෙන ඇතැම් නියෝගය හමුදා ප්‍රධානීන් විසින් නොසලකා හැර ඇති බවයි ධවල මන්දිරය නිකුත් කරන වාර්තාවල සඳහන්ව තිබෙන්නේ.

සති දෙකක් තුළදී යුක්රේනය යටත් කර ගැනීමේ අරමුණින් රුසියානු හමුදා යුක්රේනයට කඩාවැදුණු අතර කෙසේ නමුත් සති පහකට අධික කාලයක් ඉක්ම යද්දීත් සිය බලාපොරොත්තු සඵල කර ගැනීමට පුටින් ප්‍රමුඛ රුසියානු පාලනය අසමත් වී තිබෙනවා.

මෙම තත්වය මත රුසියානු හමුදාවට දැවැන්ත හානියක් සිදුව ඇති අතර පසුගිය සතිය වනවිටත් හමුදා ජෙනරාල්වරුන් 07 දෙදෙනකු අහිමි කර ගැනීමට පුටින්ට සිදුව තිබෙනවා. මීට අමතරව යුද ටැංකි, ප්‍රහාරක යානා, යුද අවි විශාල ප්‍රමාණයක්ද විනාශ වී තිබේ.

යුදමය වශයෙන් සිදුවන හානියට වඩා හානියක් සිදුවෙමින් තිබෙන්නේ රුසියානු ආර්ථිකයටයි. රුසියාව වෙත ජාත්‍යන්තරයෙන් එල්ල වන සම්බාධක දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා. මීට අමතරව බොරතෙල් ඇතුලු රුසියානු භාණ්ඩ වර්ජනයද දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා.

අද දිනය තුළදී මයුරිපෝල් නගරය සඳහා තාවකාලික සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. ඒ, නගරය තුළ තවමත් රැඳී සිටින සාමාන්‍ය ජනතාවට නගරයෙන් ඉවත්වීම සඳහායි.

සාමාන්‍ය ජනතාවට නගරයෙන් ඉවත්වීමට ලබාදෙන කාලසීමාව අවසන්වීමෙන් පසුව නගරය වෙත අඛණ්ඩව ෂෙල්වෙඩි ප්‍රහාර එල්ල කිරීමට තීරණය කර ඇති බවයි පුටින්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් සමග පවසා තිබෙන්නේ. යුක්රේන හමුදා යටත් වනතුරු මෙම ප්‍රහාර එල්ල කරන බවද ඔහු පවසා තිබෙනවා.

යුක්රේන ආක්‍රමණය තවදුරටත් කල් ගියහොත් එය පුටින්ගේ දේශපාලන අනාගතයටද අහිතකර ලෙස බලපානු ඇත. වසර කිහිපයකට ඉහතදී පුටින් විසින් සිදුකළ ව්‍යවස්ථා සංශෝධන හරහා ඔහුට සිය බලය දිගුකාලීනව පවත්වාගෙන යාමේ හැකියාව තිබෙන නමුත්, ඒ සඳහා රජයේ ප්‍රධානීන්ගේ සහ දෙවැනි පෙළ දේශපාලන නායකයන්ගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

මේ වනවිට ඔහු එම සාධක වාසි සහගතව පවත්වාගෙන යන නමුත් යුක්රේන ආක්‍රමණය හේතුවෙන් සිදුවන යුදමය හා ආර්ථිකමය හානිය හමුවේ එම සාධක අවාසි සහගත වීමට ඉඩ තිබේ. එසේ වුවහොත් යුක්රේනය යටත් කර ගැනීම කෙසේ වෙතත් බලසම්පන්න ජනාධිපති පුටුව හැරදමා පුටින්ට ගෙදර යාමට සිදුවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර...

වරුවක් ඇතුළත වෙඩිතැබීම් 4ක් !

ගත වූ පැය 12ක කාලයක් ඇතුළත දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්...

Dearo Agri, රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ‘එක මිටට ගොවි බිමට’ සමග එක් වෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: ව්‍යාපාර සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවල...

යුක්රේනයට යොදවන සියලුම හමුදා භටයන් රුසියාවේ ඉලක්ක වනු ඇති බවට ජනාධිපති පුටින් යුරෝපා ජාතීනට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ ස්ථානගත...