ප්‍රසන්නගේ බලකිරිල්ල ප්‍රමිතගේ ගෞරවාන්විත ආරාධනය සහ ජනාධිපතිවරණය

Date:

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නය කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බල කර ඉල්ලා සිටින බව නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග කියලා තියෙනවා. හැබැයි එතුමා මේක කියලා තියෙන්නෙ ගම්පහ උඩුගම්පොල තිබිච්ච පාක්ෂිකයින්ගේ රැස්වීමකදී. ඉතින් හද්දෙයියනේ ඕක ගම්පහ උඩුගම්පල හාදයින්ට කියලා වැඩක් නෑනේ … කැබිනට් මණ්ඩලේදී හම්බෙච්ච වෙලාවක ජනාධිපතිතුමාටම කියන්න එපැයි …

ඊළඟට ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත තෙන්නකෝනුත් පහුගිය දවසක කිව්වා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නය කියලා ජනාධිපතිතුමාට ගෞරවාන්විත ලෙස ආරාධනා කරනවාය කියලා. ඒක කිව්වෙත් පාර්ලිමේන්තුවේදී. ඔය කිව්වේ මන්ත්‍රීලා 225න් ඒ වෙලාවේ සභාවේ ඉඳපු ටික දෙනාට ඇහෙන්න නෙවෙයි නේ. ඒක කිව්වෙ මේ නිව්ස් බලන අපට ඇහෙන්න. ඉතින් ඕක අපට කියලා හරියනවැයි මහත්තයෝ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිතුමාට මූණටම කියන්න එපැයි …

මෙතුමන්ලා කියන හැටියට නම් ජනාධිපතිතුමා කීයටවත් ආයෙ ඉල්ලන්න කැමති නෑ වගේ … ඒකනේ මෙතුමලාට අපි ඉස්සරහා ඇවිත් අපට කිය කියා ජනාධිපතිතුමාට පින්සෙණ්ඩු වෙන්න වෙලා තියෙන්නේ.

(ප්‍රමිත නම් ගෞරවයෙන් ඉල්ලුවේ, ප්‍රසන්න ඇමතිතුමා බල කර ඉල්ලනවා කියපුවාම බයත් හිතෙනවා. මොකද එතුමාට ඔය බල කර ඉල්ලපු සීන් එකක් ගැන දැනටත් නඩුවක් තියෙනවා. ඒකෙන් වැරදිකරුත් වෙලා ඇප පිට තමා ඔය ඇමතිකම කරන්නෙත්.)

ශ්‍රී ලංකාව ප්‍රජාන්ත්‍රවාදී රටක් ය. ඒකේ ජනාධිපති අපේක්ෂකත්වයට කාවවත් බල කරලා ගෙනියන්න බැරිය. බල කරලා ගෙනිච්චත් ඒක රටටම පේන්න කියලා බලෙන් ගෙනියන්නට බැරිය.

ඒ නිසා අපට ජෝක්ස් සපයන්නේ නැතිව ඔය බලකිරිල්ල කැබිනට් මණ්ඩලයේදී හෝ පුද්ගලිකව හමුවුණු වෙලාවකදී කරගත්තා නම් හොඳ ය. අනෙක් අතට ප්‍රසන්නලාගේ බලකිරිල්ලට පත්වෙන ජනාධිපති කෙනෙක් ගැන හිතද්දී අපටත් පොඩ්ඩක් බය ය.

කොහොමවුණත් ප්‍රසන්නගේ නඩුව සැප්තැම්බර් 12 වෙනිදා සිට පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියමිතයි. මං හිතන්නේ හොඳම කෑල්ල ඒකය ….

~ රශ්මික ජයශාන්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : අඛණ්ඩ වර්ධනයක් ...

රජයේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් ද? වාර්තාව එළියට ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මුදල්, ක්‍රමසම්පාදන සහ...

දුමිදු අබේවික්‍රමට අති විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු !

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : නාවික හමුදා භාරයට...