ශ්‍රී ලාංකිකයින්ට අද සිට වීසා නැතිව තායිලන්තයට ඇතුළුවීමට අවසර!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ (LNW):

අද (15) සිට,ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකි බව සඳහන් වේ.

වීසා නොමැතිව ඇතුළුවන සංචාරකයින් සතුව නවාතැන් අරමුදල් සහ ආපසු පැමිණීමට අදාළ සාක්ෂි තිබිය යුතු අතර, එරට ආගමන විගමන නිලධාරින්ගේ අනුමැතිය ලබාගැනීම ද අනිවාර්යය බවද සඳහන් වේ.

තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන​ය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...

ගාමිණි ලොකුගේගේ තැනට පිං පොං එයි !

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට...

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයින්ගේ තීරණාත්මක හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක...