සටහන – රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ (LNW):
අද(16) අලුයම, යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් Audrey Azoulay ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
අධ්‍යක්ෂකවරිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ ඇති අතර ඔවුන් අද(16) අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි අතර , ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන් වේ.